18.8 C
New York
Thursday, May 9, 2024

Buy now

spot_img

අදියර හතරකින් වාහන ආනයනයට සූදානමක්

අදියර හතරක් ඔස්සේ වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

වාහන ආනයනකරුවන්ගේ සංගමය සමග අද (08) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට ඒක්වෙමින් ඔහු මේ බව කියා සිටියා

රථ වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබා දීමට අපේක්ෂිත බවත් ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳ සවිස්තර තොරතුරු ඊට ඇතුළත් වනු ඇති බවත් ඔහු සඳහන් කළා.

ඒ අනුව, ආනයන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් අතින් සැකසෙන මෙම වාර්තාව වාහන ආනයනය යළි ආරම්භ කිරීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරනු ඇති බවයි

එමෙන්ම, සියලු වාහන ආනයනය කිරීම එක්වරම ආරම්භ නොකර කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කිරීම වඩාත් ප්‍රායෝගික බවයි ආනයනකරුවන් එහි දී පෙන්වා දී ඇත්තේ.

පොදු ප්‍රවාහනය සඳහා අවශ්‍ය වාහන, පාවිච්චි කළ වාහන, පෞද්ගලික වාහන ආදී වශයෙන් කොටස් වශයෙන් ආනයනය සඳහා අවසර ලබා දීම වඩාත් ප්‍රායෝගික බවත් එහි දී අවධාරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම, බදු ගෙවීම පිළිබඳ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,469FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles