lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

අලි මිනිස් ගැටුමට ස්ථිරසාර විසඳුම් ලබාදීම සඳහා ජාතික ප්‍රතිපත්තියක්

Capture 39

අලි මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් ඇති කළයුතු බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා

අමාත්‍යවරිය මේ බව පැවසුවේ අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊට අදාළ සියලුම ආයතන ඒකාබද්ධ කර ගනිමිනි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති වැඩමුළුවකට සහභාගි වෙමිනුයි .

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා ඊට අදාළ අනෙකුත් සියළුම ආයතනයන්ගේ මැදිහත්වීමෙන් සකස් කෙරෙන අලි මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් වූ ජාතික ප්‍රතිපත්තිය හා වැඩපිළිවෙළ පාර්ලිමේන්තුව තුළ විවාදයට බඳුන් කළයුතු බවත්, ආංශික අධීක්ෂණ කමිටු වැනි දේට යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිසි සැකැස්මක් සකස් කළ යුතු බවත් අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දී තිබෙනවා

වත්මන් තත්ත්වය තුළදී අලි මිනිස් ගැටුම මෙරට ප්‍රධාන ගැටලුවක් බවට පත්වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේදී කොතරම් මුදලක් වැය වුවද වැයවන මුදල නොව ස්ථිරසාර විසඳුමක් ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරිය මෙහිදී පවසා සිටියා

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළේ මෙම ගැටලුව උග්‍රවීමට අතීතයේ ගත් තීන්දු තීරණ බලපෑ බවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ සකසන විට කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන විසඳුම් සහිතව සැකසිය යුතු බවත්ය.

මෙම ගැටලුව හේතුවෙන් මෙරට ජනතාව මෙන්ම අලින් ද දුක් විඳින බවත්, වන අලි සංරක්ෂණය වෙනුවෙන් ප්‍රධාන සැලසුමක් හැකි ඉක්මනින් සකස් කළ යුතු බවයි අමාත්‍යවරිය මෙහිදී සඳහන් කර සිටියේ

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media