lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

අලි රණ්ඩු වන විට තැලෙන්නේ තණකොළ බව ජනපති පිලිපිනයේදී කියයි.

vbk Ranil Wickremesinghe ap

ලෝක දේශපාලන එදිරිවාදිකම් වලට මුහුණ දීම සඳහා සැලසුම් සකස් නොකළොත් පළමු ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපයේ වුවා සේ ආසියා කලාපයත් අස්ථාවර වී අසාර්ථක වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ සැසිය අමතමින්.
 
අලි රණ්ඩු වන විට තැලෙන්නේ තණකොළ යැයි කියමනක් තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ ගෝලීය එදිරිවාදිකම් 2050 වන විට නව ගෝලීය බල තුලනයක් තීරණය කරන නව සීතල යුද්ධයක් දක්වා තීව්‍ර විය හැකි අතර, අර්බුදය අවම කිරීම සඳහා නායකත්වය දීමට ප්‍රධාන රටවලට ඇති නොහැකියාව වඩාත් පැහැදිලිව ඉස්මතු විය හැකි බවයි.
 
එමෙන්ම උද්ධමනය වැඩිවීම, දැඩි මූල්‍ය ප්‍රතිපත්ති, යුරෝපීය නිමැවුමේ පහත වැටීම, අපනයන දුර්වල වීම දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ දුර්වල ආර්ථිකයට හේතු වෙන බවද වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කළා. 
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media