lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

අවුරුදු උත්සවවලදී නොකළ යුතු දේවල් ගැන සෞක්‍ය අංශ වෙතින් දැනුවත් කිරීමක්

Bakmaha ulela text 2

දෑත් පිටුපසට බැඳ දිවීම ඇතුලු ඊට සමාන ක්‍රීඩා අවුරුදු උත්සවවලට ඇතුළත් නොකරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අවුරුදු සමයේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ඊයේ(10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය නිරෝෂා රණසිංහ මහත්මිය මේ බව ප්‍රකාශ කර සිටියේ.

වෛද්‍යවරිය එහිදී කියා සිටියේ, දෑත් බැඳ දිවීම වැනි ක්‍රියා නිසා බිම ඇද වැටී ස්ථීර දත් කැඩී යෑමෙන් රෝහල් ගත වන සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමක පවතින බවයි.

අනතුරකින් ස්ථීර දතක් ගැලවී ගියහොත් නැවත එය යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි බව ද විශේෂඥ වෛද්‍යවරිය වැඩි දුරටත් සඳහන් කළා.

එවැනි අනතුරක් සිදු වුවහොත් කැඩී ගිය දත අයිස්වල දමා රැගෙන ඒම කිසිසේත් සිදු නොකළ යුතු අතර කාමර උෂ්ණත්වයේ ඇති කිරි වීදුරුවක හෝ සේලයින් ද්‍රාවණයක බහා ළඟම රෝහලට රැගෙන යාම ‍යම්තාක් දුරකට සාර්ථක ක්‍රමයක් බවයි වෛද්‍යවරිය පවසන්නේ.

එසේම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව සහ අනතුරු අවම වන ආකාරයේ තරග මෙවැනි උත්සව කාලවලදී පැවැත්වීමට සංවිධායකවරුන් හැකි පමණින් කටයුතු කරන ලෙසට ද වෛද්‍යවරිය එහිදී විශේෂයෙන් ඉල්ලා සිටියා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media