lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

අස්වැසුම බැංකු ගිණුම් විවෘත කිරීම සති අන්තයේ අවසන් කිරීමට උපදෙස්

aswasuma

අස්වැසුම බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු මේ සති අන්තය වන විට අවසන් කර ප්‍රතිලාභ ගෙවීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අද (27) මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඒ අනුව සමාජ සුභසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා දැනට බැංකු ගිණුම් විවෘත කර නොමැති පිරිස් සඳහා කඩිනමින් ගිණුම් විවෘත කිරීමට කටයුතු කළ යුතු බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ

එමෙන්ම අපේක්ෂා රෝහලේ වසා දමා ඇති භික්ෂු වාට්ටුව පිළිබඳ ගැටලුව ද මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇති අතර අතර එය සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට ඇස්තමේන්තු සකස් කරමින් සිටින බව ද මෙහිදී අනාවරණය කෙරුණා

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media