lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ආදිවාසී ගැටලු විසඳීම වනජීවි ලේකම්ට භාරයි

thumbnail WhatsApp Image 2024 01 11 at 11.17.59 2 768x511 1

ආදිවාසී ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සදහා අවශ්‍ය නීතිමය රෙගුලාසි සකස් කිරීම සදහා අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා.

 

මෙරට ආදිවාසී ජනතාවට දීර්ඝකාලීනව පවතින ගැටළු රැසකට විසදුම් ලබාදීම සදහා නව රෙගුලාසි පද්ධතියක් සහ නව පනතක් සකස් කිරීමේ කටයුතු ජනවාරි 23 වන දින වන විට අවසන් කරන ලෙසයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඒ සදහා පත් කළ කමිටුවට ඊයේ (11 ) උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම පවතින නීති පද්ධතියට අනුකූලව ආදිවාසී ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට අදාළ රෙගුලාසී ඇතුළත් ගැසට් පත්‍රය පළ කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංහයේ ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බව සඳහන්.

පනත් කෙටුම්පතෙහි අන්තර්ගතය පිළිබදව අදහස් හා යෝජනා කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස හා එම යෝජනා හා අදහස් පිළිබදව ඒ ඒ දෙපාර්තමේන්තු සමග සාකච්ඡා කිරීමටද නියමිතයි.

අදිවාසී ජනතාවගේ අයිතින් ආරක්ෂා වන පරිදි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සකස් කරන ලද යෝජනාවලිය අධිකරණ අමාත්‍යවරයා වෙත එහිදී පිළිගන්වා තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media