lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

ආනයනික සහල් සත්ව අහාර නිෂ්පාදනයට යොදාගැනීමේ ජාවාරමක් හෙට්ටිපොලින් වටලයි.

ආනයනික සහල් සත්ව අහාර නිෂ්පාදනයට යොදාගැනීමේ ජාවාරමක් හෙට්ටිපොලින් වටලයි

ආනයනික සහල් වරායෙන් පිටකර එම බහලුම් රථවලින්ම ඇබරුම් යන්ත්‍ර වලට දැමීමේ ජාවාරමක් වැටලීමට පාරිබෝගික අධිකාරියේ කුරුණෑගල කාර්යාලයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

හෙට්ටිපොල, කඩවලගෙදර ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මහාපරිමාණ සත්ව අහාර නිෂ්පාදනාගාරයක මෙම ජාවාරම සිදුවන බවට ලද තොරතුරකට අනුවයි අදාල වැටලීම සිදුකර ඇත්තේ.
මෙම සහල් තොග අඹරුම් යන්ත්‍රවලට දමා විනාඩි කිහිපයක් තුල හදුනා ගත නොහැකි පරිදි කුඩු බවට පත්වන බව සදහන්.
මෙම ජාවාරම පිළිබද තොරතුරු වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ඉදිරි නීතිමය  පියවර ගැනීමට නියමිතයි.
මිනිස් පරිබෝජනයට ගෙන්වන සහල් ජාවාරම්කරුවන් විසින් සත්ව අහාර සදහා යොදාගැනීම වැලැක්වීම සදහා රජය විසින් පසුගිය ජූලි 24 වනදා සහල් හෝ වී සත්ව අහාර සදහා භාවිතා කිරීම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් තහනම් කරනු ලැබුවා.
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here