lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ආයුර්වේද සම්භාහන විෂය නිර්දේශය හදුන්වා දෙයි

Ayurvedic

ආයුර්වේද සම්බාහන ශිල්පීන් උදෙසා ජාතික වෘත්තීය නිපුණතා මට්ටම් 04 (NVQ LEVEL 04) සඳහා ජාතික ආයුර්වේද සම්බාහන විෂය නිර්දේශය හඳුන්වා දී තිබෙනවා.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විෂය නිර්දේශය හඳුන්වා දීම සිදුකෙරුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා,

“අද ලංකාවේ හැමතැනම SPA කියලා දැන්වීම් ගහලා තියෙනවා, හැබැයි ඒ පැත්තකින් වත් යන්න ලැජ්ජයි. ඒවා සම්භාහන මධ්‍යස්ථාන නෙවෙයි. ඒ තරම් මේ විශිෂ්ඨ වෛද්‍ය ක්‍රමය ලංකාවේ විකෘති කරලා තියෙන්නේ. ඒ නිසා අපි අලුත් මොඩලයක් හඳුන්වාදෙන්න අවශ්‍යයි. ඒක අපි හැමෝම කතාවෙලා කළයුතුයි.”

“මේ පාඨමාලාව අද මෙහෙම එළිදැක්වීමට හැකිවුණත් අපි කණගාටුවිය යුතු කාරණාවක් තියෙනවා. අපි මේක ආරම්භ කරන්න සාකච්ඡා කළේ 2008 වසරේදී, මේ 2023 අවුරුදු 15ක් ගියා මේ වැඩේ අපිට කරන්න මම මේ පාර්ලිමේන්තුවට යන හැම දවසකම හරිම වේදනාවන්ට සහ අපහාසයන්ට ලක්වුණා.”

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media