lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

ආර්ථික අරගලය ජයගැනීමට තරුණ පිරිස් දායක කරගන්නවා - ජනපති 

Screenshot 20220805 193810 Chrome

තරුණ පිරිස් සමග සහයෝගයෙන් වැඩ කිරීමට  සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ගාලු මුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා.

දැන් තිබෙන අභියෝගය   ආර්ථික අරගලය ජය ගැනීම බව පැවසු ජනාධිපතිවරයා අරගල භූමියේ සිටින  තරුණ තරුණියන් එම ආර්ථික අරගලය ජයග්‍රහණය කිරීම සඳහා  දායක කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද කියා සිටියා. 

ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලනයට සහ ප්‍රචණ්ඩත්වයට තමන් විරුද්ධ බවත් මර්දනය වෙනුවෙන්ම කටයුතු කරන පිරිස් විශ්වවිද්‍යාල ක්‍රියාවලිය තුළින්ම නවකවදය නවතා යහපත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත් ජනාධිපතිවරයා  අවධාරණය කලා.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here