22.5 C
New York
Tuesday, May 21, 2024

Buy now

spot_img

ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය මාර්තු 25 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එම පනත් කෙටුම්පතෙහි මුලික කෙටුම්පත සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලැබී තිබූ බව සඳහන්.

ඒ අනුව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන සංශෝධනයන්ද ඇතුළත් කරමින් විධිමත් පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදී තිබූ අතර සකස් කළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,469FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles