lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ආර්ථික රකුෂා සමඟ පොරබදන 79 හැවිරිදි ආඩම්බර පියෙක්

අවුරුදු හැත්තෑ නවයක් පුරාවටම ආර්ථික රකුෂා සමඟ පෙරබදන ආදරණීය පියෙකු පසුගිය දිනෙක අපට හමු . අනුන්ට බරක් නොවී රටට බරක් නොවී, කාටත් අත නොපා ජීවත් වන ආඩම්බර පියෙකු වන සමදරා මහතාට දරුවන් හතර දෙනෙකි. ඔවුන්ද විවිධාකාර වූ ස්වයං රැකියාවල නිරත වෙමින් තම දරු පවුල් නඩත්තු කරති.  

දරුවන්ටද බරක් නොවී තම ආදරනීය බිරිද සමග යහපත් ජීවිතයක් ගත කරන සමදරා මහතා අද වන විට වේවැල් කූඩා ගොතමින් ජීවත් වෙති. ඔහුගේ දෑතින් නිමවන වේවැල් කූඩා අලෙවි වන්නේ කොහු කර්මාන්ත, පොල් හිඳින ආයතන, පස් කර්මාන්ත, එළවලු අලෙවි කරන ස්ථාන මෙන්ම තවත් නොයෙක් නොයෙක් කම්කරුවන් වැඩ කරන ස්තානවලටය. 

ඈත අතීතයේ පටන්ම වේවැල් කූඩාවලට හොඳ ඉල්ලුමක් තිබිණි.  ප්ලාස්ටික් භාණ්ඩවලින් අප රට වෙලාගත්තත් වේවැල් කූඩයට හිමි තැන දැන් දැන් අලුත් වෙමින් පවතී. 

වේවැල් වියලි කලාපයේ වැව් තාවුලුවල එක ගොන්නට පදුරු වශයෙන් වැවෙන අතර ගස්වල දැවටී උඩට ගන් කරයි. මෙම වැල් කටු සහිතය. කටු බේරා වේවැල පාදා ගැනීමට දැඩි වෙහෙසක් ගත යුතුය.  සමදරා මහතා උදෙන්ම වැවට ගොස් වේවැල් කටු මුදා හැර පිරිසිදු වේවැල් තෝරා ගන්න දැඩි වෙහෙසක් ගන්නා අතර ලෝකයේ රටවල් දියුණු වෙද්දි අපේ රටේ මිනිස්සු බහුතරයක් දුප්පත්කමින් ජීවත් වෙති.  ජීවිතය විඳවා දුප්පත්කමින්ම ජීවිතයෙන් සමුගනිති. සමදරා මහතාද මේ අබල දුබල ආර්ථික රටාවේ තවත් එක් පුද්ගලයෙකු පමණි. 

සටහන – සරත් චන්ද්‍රරත්න රත්මල්ල

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media