lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

ඇමෙරිකාව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.

american flag 1048 12215

වඳුරු උණ ව්‍යාප්ත වීම හේතුවෙන් ඇමෙරිකාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඔවුන් එරට ජනතාවගෙන් ඉල්ලා සිටියේ වඳුරු උණ මාරාන්තික රෝගයක් නොවන නමුත් ඒ පිළිබඳ අඩු තක්සේරුවෙන් නොබැලිය යුතු බවයි.

ඇමෙරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා කටයුතු පිළිබඳ ලේකම් සේවියර් බෙකෙරා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, පිරිමි පුද්ගලයින් අතර සිදුවන සමලිංගික ක්‍රියාකාරකම්ද මෙලෙස වඳුරු උණ ව්‍යාප්තිය ඉහළ යෑමට බලපා ඇති බවයි.

ඇමෙරිකානු සෞඛ්‍ය අංශ වාර්තා කරන අන්දමට එරටින් මේ වන විට වඳුරු උණ ආසාධිතයින් 6,600 ඉක්මවා වාර්තා වනවා.

මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද ගෝලීය වශයෙන් ද වඳුරු උණ ව්‍යාප්තිය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ, රටවල් 75 ආසාදිතයන් 18 දහසක් වෛරසයට ගොදුරු වීමත් සමගයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here