lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ඇහැටුවැව අයිස්ක්‍රීම් දන්සල

අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට (03) යෙදී තිබෙනවා.

මෙම වර්ෂය අධික අවුරුද්දක් වන බැවින් ඇසළ පොහොය ලබන මස 01 වන දිනට යෙදී ඇති අතර අද දිනයේ අධි ඇසළ පොහොය ලෙසයි  සැළකෙන්නේ.

බෝසතාණන් වහන්සේ මහමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම සිදුවුයේ ඇසළ පුර පසළොස්වක පොහො දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.

සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙය කලකිරි මහා අභිනිෂ්ක්‍රමණය කළේ ද ඇසළ පුන් පොහෝ දිනකි.

බුදුරාජාණන් වහන්සේගේ සිය මංගල ධර්ම දේශනය මෙන්ම සංඝ ශාසනයේ ආරම්භය සිදුවුයේ ද ඇසළ පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්.

මේ අතර ඇහැටුවැව වෙළෙඳ ප්‍රජාව හාප්‍රදේශවාසීන් එක්ව ඇසල පොහොය නිමිත්තෙන් වන්දනාවේ යන බැතිමතුන් සඳහා ඇහැටුවැව  නගර මධ්‍යයේ අයිස්ක්‍රීම් දන්සලක් පැවැත් වුණා.

(ඇහැටුවැව එච්. ජේ. ජයසිරි)

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media