lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

ඉතියෝපියානු ගුවන් නියමුවන් දෙදෙනෙකු විනාඩි 25ක්‌ ගුවනේ නින්දක - යානය නිරුපද්‍රිතව ගමනාන්තයට.

ඉතියෝපියානු ගුවන් නියමුවන් දෙදෙනෙකු විනාඩි 25ක්‌ ගුවනේ නින්දක - යානය නිරුපද්‍රිතව ගමනාන්තයට

සුඩානයේ කාර්ටූම් නුවර සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර වෙත පියාසර කරමින් සිටි ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක නියමුවන් දෙදෙනෙකුට විනාඩි 25 ක කාලයක් නින්ද යෑමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 
අඩි 37 දහසක් ඉහළින් පියාසර කරමින් සිටියදී මෙලෙස නියමුවන් දෙදෙනාට නින්දගොස් ඇති බව සඳහන්.
 
නියමිත ගමනාන්තයට ළඟා වූ පසුවත් යානය ගොඩබෑමට කටයුතු නොකිරීම නිසා ගුවන් ගමන් පාලක විසින් අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කර ඇති අතර ඉන් අනතුරුවයි නියමුවන් දෙදෙනා අවදි වී ඇත්තේ.
 
ඒ අනුව විනාඩි 25ක ප‍්‍රමාදයකින් පසු යානය ගුවන් ධාවන පථයට ගොඩබෑමට නියමුවන් විසින් කටයුතු කර ඇති අතර මීළඟ ගුවන් යානයට ඒ හේතුවෙන් පැය දෙකහමාරක කාලයක් රැඳී සිටීමට සිදු වූ බවයි වාර්තා වන්නේ.
 
කෙසේ වෙතත් ඒ වන විට ගුවන් යානයේ සිටි මගීන් පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ නැහැ.
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media