lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ඉදිරියේදී පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා ලබා දීමට පියවර

School bag PHOTO 1

අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත් වීම මත ඉදිරියේදී පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද(27) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා .

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ .

ග්‍රාමීය ප්‍රදේශවලට යම් ප්‍රමුඛතාවයක් දී, පාසල් දැරියන් ලක්ෂ තුනකින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ “අධ්‍යාපන අමාත්‍යංශයේ අයවැය විවාදය දිනයේදී මම මෙය ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් හිටියේ. අපේ රටේ ප්‍රාථමික අංශයේ දරුවන් ලක්ෂ 16ක් සිටිනවා. 5 වසරේ සිට ඉහළ පන්ති වල දරුවන් ලක්ෂ 24ක් ඉන්නවා. එයින් ලක්ෂ 12ක් පමණ බාලිකා දරුවන් සිටිනවා. අවම වශයෙන් ලක්ෂ 3 සිට පටන් අරන් දරුවන්ට මෙම සනීපාරක්ෂක තුවා ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

දරුවන් ලක්ෂ 3කින් පටන් අරන් ක්‍රමයෙන් වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. ලක්ෂ 10ක් පාසල් දැරියන්ට සනීපාරක්ෂකතුවා ලබා දුන්නොත් සියළුම දරුවන් ආවරණය වනවා . ප්‍රධාන පාසල් වල දරුවන්ට ලොකු අවශ්‍යතාවයක් නැතැයිද ඔහු සඳහන් කළා

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media