lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

ඉන්දියාවේ හැත්තෑ පස් වැනි නිදහස් සැමරුම ශ්‍රී ලංකාවේ දී සමරනු ලබයි.

::සුමිත් මායාදුන්නේ

WhatsApp Image 2022 08 17 at 1.35.19 AM 1

අගෝස්තු 15 වැනිදාට යෙදුණු ඉන්දියාවේ 75 වන නිදහස් උත්සවය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් කොළඹදී සහ විවිධ ප්‍රදේශවල පැවැත්විය.

කොළඹ ප්‍රධාන උත්සවය ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවස වන ‘ඉන්දියා හවුස්’ හිදී පැවැත්විණි.මහකොමසාරිස්Gopal Baglay මහතා විසින් ඉන්දීය ජාතික ධජය  ඔසවමින් ගෞරවනීය ආචාර පෙළපාලිය නිරීක්ෂණය කරන ලදී .එම අවස්ථාවේදී ඉන්දීය ජනාධිපතිවරයාගේ නිදහස් දින පණිවිඩය ද ඔහු විසින් කියවනු ලැබීය.

සංස්කෘතික උත්සව කිහිපයක් ප්‍රදර්ශනය කිරීමෙන් මේ අවස්ථාව විචිත්‍රවත් කෙරිණි. මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා නාවුක හමුදාවේ තූර්යවාදක කණ්ඩායම ධෛර්යය සහ දේශප්‍රේමය සංකේතවත් කරමින් මධුර වාදනයක් ඉදිරිපත් කළේය. 

මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සාමය හා එකමුතුකම ආරක්ෂා කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කළ ඉන්දියානු සාම සාධක හමුදාවේ සොල්දාදුවන් සිහිපත් කිරීම සඳහා ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත ඉන්දීය මහකොමසාරිස්වරයා හා නිලධාරින් විසින් උපහාර දැක්වනු ලැබීය. ඉන්දීය නිදහස් උත්සවයේ සැමරුම වෙනුවෙන් මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය, යාපනය හා හම්බන්තොට කොන්සල් ජනරාල් කාර්යාල විසින් උත්සව සංවිධානය කරනු ලැබීය.

WhatsApp Image 2022 08 17 at 1.35.19 AM
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media