lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ඊශ්‍රායලයේ කෘෂි රැකියා ලාභීන්ට අක්කර 2ක ඉඩමක්

Frontyard 768x576 1

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ ශ්‍රි ලාංකික තරුණයින් සඳහා අක්කර 2.5ක ඉඩම් කොටසක් ලබාදීමට ජනාධිපතිවරයාගේ එකගතාවය හිමිවූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරනවා.

 

අමාත්‍යවරයා මේ අදහස් පළකළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති වැඩසටහනකට එක්වෙමින්.

 

2024 වර්ෂය විදෙස්ගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් ව්‍යවසායකයින් ලෙස නගා සිටුවීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වර්ෂයක් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

 

මේ වන විට කෘෂිකාර්මික රැකියා සඳහා ඊශ්‍රායලයට යන ශ්‍රමිකයින් යළි මෙරටට පැමිණෙන්නේ කෘෂිකාර්මික දැනුම හා පළපුරුද්ද රැගෙන බැවින් ඔවුන්ට සිය දැනුම මෙරටදී ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි වගා කටයුතු කිරීම සඳහා අක්කර දෙක හමාරක ඉඩම් කොටසක් ලබාදීමට ඉඩම් අමාත්‍යාංශය සමග සාකච්ඡා මේ දිනවල පවත්වනු ලබනවා.

 

එහි අරමුණ වන්නේ කෘෂි ව්‍යවසායකයින් ලෙස ඔවුන්ගේ ආර්ථික ශක්තිය නගා සිටුවීම බව සඳහන්.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media