lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ඊශ්‍රායලයේ සිට ඍජු මගී ගුවන් සේවා ප්‍රථම වරට ශ්‍රී ලංකාවට

48251004761 24b3750911 b

ඊශ්‍රායලයේ තෙල්අවිව් නුවර සිට කටුනායක දක්වා ප්‍රථම වරට ඍජු මගී ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳව දෙරටේ සිවිල් ගුවන්සේවා අංශ අතර විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(30) පැවැත්වුණා.

ඒ අනුව නව ගුවන් සේවාව ආරම්භ කිරීම පිළිබඳව පවතින ගැටලු නිරාකරණය කරගනිමින් එකඟතාවයක් සඳහා පැමිණීමට දෙරටේ සිවිල් ගුවන්සේවා අංශ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි සඳහන් වන්නේ.

ඊශ්‍රායලයෙන් පැමිණි ගුවන් සේවා අංශයේ නිලධාරීන් වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමේදී කටුනායක ගුවන් තොටුපල සහ අවට පරිශ්‍රයේ පවතින ආරක්ෂක තත්ත්වයන් පිලිබඳවය.

ඒ අනුව දෙරටේ සිවිල් ගුවන් සේවා අංශ අතර අවබෝධතා ගිවිසුමක් නුදුරේදීම අත්සන් කිරීමට නියමිත බවත්, ලබන ඔක්තෝබර් මස සිට ඊශ්‍රායලයේ Arkia ගුවන් සේවයට අයත් ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media