lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

උසස් පෙළ විභාගය අද ඇරඹෙයි

1625812127 GCE Advanced Level Grade 5 Scholarship exam dates L

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වන අතර එය ලබන 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනී සිටින බවයි.

 

ඒ අතරින් පාසල් අයදුම්කරුවන් 281,445ක් පෙනී සිටින අතර පෞද්ගලික අයදුම්කරුවන් 65,531ක් විභාගය සඳහා පෙනී සිටින බව සඳහන්.

 

එමෙන්ම දිවයින පුරා මධ්‍යස්ථාන 2302කදී විභාගය පැවැත්වෙනවා.

 

මේ අතර පවතින වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශයන්හි ආපදා තත්ත්වයන් වාර්තා වුවත් එම ප්‍රදේශවල දරුවන්ට විභාගයට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට නිලධාරීන් සැලසුම් යොදා ඇති බවයි විභාග කොමසාරිස්වරයා පැවසුවේ.

 

එමෙන්ම ආපදා තත්ත්වයන් පවතින විභාග මධ්‍යස්ථානවලට යෑමට නොහැකි අපේක්ෂකයන් වෙත ප්‍රවාහන පහසුකම් සැපයීම හෝ ඔවුන්ට පහසු විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා සැලසුම් යොදා ඇති බව ද විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

සිසුන්ට අයහපත් කාලගුණය හේතුවෙන් මුහුණපෑමට සිදුවන බාධා මගහරවා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 අංකය අමතා දැනුම් දියහැකි බවද සඳහන්

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media