lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු ගැන පුළුල් විමර්ශනයක්

karaka saba

මෙරට මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳ කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉරිදිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී තීරණය කර තිබෙනවා.

එමෙන්ම එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ පුළුල් විමර්ශනයක් සඳහා අදාළ ආයතනවලින් සාක්ෂි ලබා ගැනීමට නියමිතයි

අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ එම විශේෂ කාරක සභාවේදී ඉදිරියේ දී මෙවැනි තත්ත්වයන් ඇති වීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ද මෙම කමිටුව විසින් ලබා දීමට කටයුතු කරන බව සඳහන්

මීට අමතරව කමිටුවේ අවදානයට ලක් විය යුතු කරුණු පිළිබඳ මහජනතාවගේ අදහස් ලබා ගැනීමට සති දෙකක කාලයක් ලබා දීමට සහ පුවත්පත් දැන්වීම් පළ කිරීමට ද මෙහිදී තීරණය කෙරුණා.

මෙම කාරක සභාව ලබන 27 වනදා යළි රැස් වීමට නියමිතයි

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media