lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

එන්ජිමේ දෝශයක් හේතුවෙන් ඇමෙරිකාවේ සඳ තරණය නවතී

y2jkxzoTXFCmP5SyipGxuc 1200 80

අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය සඳ තරණය සඳහා නව අභ්‍යවකාශ යානයක් අද (29) දියත් කිරීමට නියමතව තිබුණා.

 
නාසා ආයතනය විසින් මෙතෙක් නිපදවා ඇති බලවත්ම යානය වන මෙය SLS ලෙස හඳුන්වා දී තිබෙනවා.
 
අදාළ ව්‍යාපෘතිය නම් කර ඇත්තේ ආර්ටෙමිස් ලෙසින්.
 
මෙම සඳ තරණ මෙහෙයුම 2040 දී පමණ අඟහරු වෙත ගුවන් ගමන් සිදු කිරීම සඳහා මූලික අඩිතාලම වනු ඇති බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
 
එම රොකට්ටුව මෙරට වේලාවෙන් අද පස්වරු 06 ට කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කිරීමට සැලසුම් කර තිබුණ ද මීට සුළු වේලාකට පෙර යානයේ එන්ජිමේ දෝශයක් හේතුවෙන් එම ගමන අත් හැර දැමූ බව නිවේදනය කළා.
 
ඔරියන් නමැති පරීක්ෂණ කැප්සියුලය ථිවියෙන් ඉවතට රැගෙන යාම ද එහි ප‍්‍රමුඛ කාර්යයන් අතරට අයත් ව තිබුණා.
 
මෙම අභ්‍යවකාශ යානය සති හයකින් යළි පැමිණීමට පෙර සඳ වටා විශාල වටප‍්‍රමාණයක් ගමන් කරනු ඇති බවටයිි බවයි නාසා ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media