lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ ක්‍රිකට් වසන්තය හෙටින් ඇරඹෙයි

LPL.2022

දෙස් විදෙස් ක්‍රිකට් තරු සහභාගී වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර අද (30) ආරම්භ වනවා.

පළමු තරගය, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

තරග 24කින් සමන්විත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර හෙට සිට අගෝස්තු 20 වනදා දක්වා පැවත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා ජැෆ්නා කිංග්ස්, කලම්බු ස්ට්‍රයිකර්ස්, දඹුල්ල අවුරා, ගෝල් ටයිටන්ස් සහ බී ලව් කැන්ඩි යන කණ්ඩායම් 5 තරග වැදීමට නියමිති.

මූලික වටයේ තරග 12ක් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ මූලික වටයේ තරග 8ක් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

අවසන් වටයේ තරග තුන සහ අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිති.

මෙවර ශූරයින්ට පිරිනැමෙන කුසලානය කොළඹ අවට ප්‍රදේශවලදී ඉකුත්දා ප්‍රදර්ශනය කෙරුණු අතර මෙවර ශූරයින්ට පිරිනැමෙන LPL කුසලානය ප්‍රතිචක්‍රීකරණය කළ ඇලුමිනියම් කෑන්වලින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

ඒ, වෙරළ තීරවලින් සොයාගත් ඇලුමිනියම් කෑන් 2,523ක් යොදාගනිමින්.

මෙලෙස ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක් මගින් ක්‍රිකට් කුසලානයක් නිර්මාණය කළ පළමු අවස්ථාව මෙයයි.

විචිත්‍රාංග රැසකින් හැඩ වුණු LPL තරගාවලියේ සමාරම්භක උත්සවය හෙට පස්වරු 5.30ට ආරම්භ කිරීමටයි සැළසුම්කර ඇත්තේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media