lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

එලොව ගිහින් මෙලොව අපු කටුපොත අම්මා

1684598711 8918240 hirunews

කටුපොත – පොල්පිටිය ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කරුණාවතී නම් කාන්තාවක් අද පෙරවරුවේ හදිසියේ නිවසින් අතුරුදන් වී තිබූ අතර නිවැසියන් ප්‍රදේශවාසීන් හා එක්ව ඇය සෙවීමට කටයුතු කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ පැය ගණනක් යන තුරුත් ඇයව සොයා ගැනීමට නොහැකි වූ බවයි.

වැඩිදුරටත් කළ සොයා බැලීමේ දී නිවස ඉදිරිපිට පිහිටා ඇති පොල්පිටිය වැවේ පා වෙමින් තිබියදී තිබී ඇයගේ අත්වාරුව සහ පාවහන් යුගලය හමුවුණා.

කෙසේ වෙතත් ඇගේ බෑනා වැවට ගොස් සොයා බැලීමේදි කරුණාවතී මව වැවේ ගිලී සිටින අයුරු දැක තිබෙනවා.

ඔහු ඇගේ හිසට අත තබා කතා කර ඇතත් ඇය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

ඒ අනුව ප්‍රදේශවාසීන් 200ට අධික පිරිසක් මෙලෙස බලා සිට ඇත්තේ මරණ පරීක්ෂකවරයා එම ස්ථානයට පැමිණෙන තුරුයි.

කෙසේ වෙතත් පසුව එම මවගේ හිස ඇය සිටි ස්ථානයේ ගස් සෙළවෙන ආකාරය ප්‍රදේශවාසීන් දැක තිබෙනවා.

නමුත් එය පරීක්ෂා කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නොතිබූ පසුබිමක පොලීසියද දැනුවත් කිරීමෙන් අනතුරුව ප්‍රෙද්ශවාසීන් දෙදෙනෙකු ඒ සඳහා ඉදිරිපත් වී තිබුණා.

කිඹුලන්ද ගහණ එම ස්ථානයට ඔවුන් දෙදෙනා ලඟා වී තිබුණේ ඉතා අසීරුවෙන්.

ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ඇය කටුපොත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම කාන්තාවගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් එම මවගේ නිවස අවමංගල්‍ය උත්සවයකට සූදානම් කර තිබුනා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media