lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කටුපොත ‌පොල්පිටිය විහාරයේ ‌ලෝක ළමා දින සැමරුම

ලෝක ළමා දිනය ඊයේ (1) දිනට යෙදී තිබුණි. ඒ වෙනුවෙන් සංවිධාන කළ සැමරුම් උත්සවයක් කටුපොත, පොල්පිටිය විහාරස්ථානයේදී පැවැත් විණි. 

එම විහාරස්ථානයේ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියෝයෝ විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

අපේ රටේ ළමයි කියන්නේ අනාගත පරපුරයි. රට භාරගන්න ඉන්න සමාජයයි. වර්ථමානයේ අපේ දරුවන් ගැන සිතුවොත් ළමයින්ගේ අනාගතය අනාරක්ෂිතයි. ඔවුන්ට නිදහසක් නැහැ. බියෙන් සැකයෙන් නිරුත්තර වී සිටි. මහ මග තනියම යන්න බැහැ රිය අනතුරකට භාජනය වේවිද?, කවුරුන් හෝ පැහැරගෙන යාවිද? වලකට වැටී හිරවී මිය යයිද? මත් කුඩු ජාවාරම්වවල ගොදුරු වෙයිද?. දෙමාපියන් තුල හටගෙන ඇති සැකයකි.

ළමයින්ට ළමා කාලය අහිමිවී අධ්‍යාපන රැල්ලේ සිරවී උඩුගම් බලා පිහිනන යුගයකට අද අපි අවතීර්ණය වී සිටින්නෙමු.  සංස්කෘතික වශයෙන්ද සදාචාරාත්මක වශයෙන් රටක් වශයෙන් අපි පිරිහී යමින් සිටින්නෙමු. ක්‍රමය වෙනස් කර දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කර සෞභාග්‍යමත් රටක් අපේ දරුවන්ට උරුම කර දීම අපේ යුතුකමකි. මෙවන් අභියෝගයන් කරට ගත් කටුපොත පොල්පිටිය විහාරස්ථානයේ දරුවන් ලෝක ළමා දිනය සැමරුවේ ආගමික වතාවත්ද පිළිපදිමිනි.  

සටහන – සරත් චන්ද්‍රරත්න රත්මල්ල

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media