lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

කතරගම පෙරහරේ පුරාණ චාරිත්‍ර රැසක් ඉටු කරයි

unnamed 1

කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමිව සිදු කරන පැරණි චාරිත්‍ර රැසක්  අද  දින සිදු කෙරිණි. 

දුටුගැමුණු රජ දවසේ පටන් පවත්වා ගෙන එනු ලබන බස්නායක නිළ මැඳුරේ ඇති ගොම මැටි ගෑ බිමේ සිදු කරන දාන පිංකම දින බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් මහා සංඝයා වහන්සේලා වෙත පිලිගැන්වීම සිදු කරන ලදී.

දාන පිංකම සදහා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිති  කොබවක ධම්මින්ද හිමි. කතරගම ශ්‍රීි අභිණවාරාම විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති කපුගම සරණ තිස්සහිමි. තිස්සමහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමි. සිතුල්පව්ව රාජමහා විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති මැටරඹ හේමරතන හිමියන් වැඩම කර සිටියහ.

මෙයට අමතරව දේවාලය ඉදිරිපිට වු කොළ අතු පන්දළම නව කොළ අතු දමා අලුතින් සකස් කිරිම ද සිදු විය. දේවාලයේ පෙරහැරේ ගමන් ගන්නා වාසනා හස්තියා ප්‍රමුඛ අලි ඇතුන් සම්බන්ද කර ගනිමින් ඩිෂාන් ගුණසේකර මහතා එක් ව ප්‍රථම දඹ කොළ අත්තක් දේවාලයේ වාසනා හස්තියා වෙත ලබා දිමෙන් අනතුරුව අතු පන්දළම සකස් කිරිම සිදුවිය.

දුටුගැමුණු මහා රජතුමාට යුද්ධයේ දි උපකාර කල කඩොල් ඇතුගේ දළ යුගල මහජන ප්‍රදර්ශනයට දේවාලයේ ඇතුල් මාලිගයේ සිට එළියේ මණ්ඩපයට වෙත තැම්පත් කිරිමද සිදුවිය. අද දින 2022 ඇසළ මංගල්‍යයේ පෙරහැරේ බස්නායක නිළමේ වරයා ප්‍රථමයෙන් ගමන් ගන්නා දිනය වීම ද විශේෂීිත වේ 

unnamed 2
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media