lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කඳුකර කොටියා මියගියේ ගසට යටවීමෙන් නොවේ - කමිටු වාර්තාවෙන් හෙලිවෙයි.

376594 wallpapers sri lanka leopard lankan 2560x1600 2560x1600 h

පසුගිය අගෝස්තු 7 වැනිදා හැටන්, සමර්හිල් තේ වතු යායේදී මන්දකට හසු වීමෙන් පසු ගසක් මත සිරව සිටි කඳුකර කොටියා මියයාමට හේතුව අනාවරණ වී තිබෙනවා.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කිරීමට පත් කළ ත‍්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව මඟින්.
 
එම වාර්තාවට අනුව අදාළ කඳුකර කොටියා මිය යාමට හේතුව වී ඇත්තේ, කම්බියකින් සැකසූ මද්දට කොටියා හසුවීම සහ එම සත්වයා උස ගසක දීර්ඝ වේලාවක් එල්ලී සිටීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට හානි සිදු වීමයි.
 
එසේම එම සත්වයා එල්ලී සිටි ගස කැපූ අවස්ථාවේ දී, කොටියා ගසට යටවී නොමැති බවත් අදාළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බව සඳහන්.
 
එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ, කොටියා බේරාගැනීම සඳහා ගස කපා දැමීම අනුමත නොකරන අතර මෙවැනි දුෂ්කර ස්ථානයක අනතුරට ලක්ව සිටින සතෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා අවම පහසුකම් යටතේ අන් විකල්පයක් නොමැති බැවින්, දුෂ්කරතා රැසක් මධ්‍යයයේ කොටියාගේ ජීවිතය බේරා ගැනීමට අදාළ නිලධාරින් උත්සාහ දරා ඇති බවයි.
 
කෙසේ වෙතත් කඳුකර කොටියා ගසේ එල්ලී සිටින ආකාරය සහ වනජීවි නිලධාරීන් නොසැලකිලිමත් ලෙස අදාළ ගස කපා දැමූ ආකාරය එම අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් පැහැදිලිව වීඩියෝ ගත කර තිබුණා.
 
එහිදී කොටියා ගසට යට වී සිටින ආකාරයද අදාළ වීඩියෝ පට සහ ඡායාරූපවල පැහැදිලිව දක්නට තිබිය දී මෙවැනි හාස්‍යජනක වාර්තාවක් නිකුත් වීම වනජීවින් පිළිබඳ මෙරට බලධාරීන් දක්වන අඩු තක්සේරුව මනාවට පිළිබිඹු වන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media