lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කහඹිලිහේන CTL බත් දන්සල ඇරඹෙයි

Screenshot 20230505 125802 WhatsApp

යක්කල, උඩුතුත්තිරිපිටිය, කහඹිලිහේන, ප්‍රදේශයේදී අද දවස පුරා බත් දන්සලක් පැවැත්වෙනවා.

CTL සමුහ ව්‍යාපාරයේ ප්‍රධාන බැතිබර දායකත්වයෙන් ගම්වාසීන්ගේද සහයෝගය ඇතිව මෙම දන්සල පැවැත්වෙන්නේ 5 වැනි වරටයි.

චන්දන මහතාගේ CTL නිවස අසලදී පැවැත්වෙන මෙම දන්සල කහඹිලිහේන විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව විවෘත කෙරුණා.

CTL සමුහ ව්‍යාපාරයේ අධිපතිතුමා ඇතුළු කාර්යමණ්ඩලයේ සාමාජිකයින් සහ දේශබන්දු දසුන් නාගසේන මහතාද ඊට එක්ව සිටියා.      

මේ අතර මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැල් 7,000ක් පමණ ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසනවා.

ලියාපදිංචි වී නොමැති දන්සැල් සම්බන්ධයෙන්ද සොයාබැලීමට ඔවුන් තීරණය කර ඇති අතර එම කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 3,000ක් පමණ සේවයේ නිරතවීමට නියමිතයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media