lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කහවත්තේ මව ඝාතනයෙන් දියණිය නිදහස්

murder scene sri lanka

කහවත්ත වැල්ලදුර වෙලේවත්තේ 71 හැවිරිදි තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් ගතව සිටි ඇගේ දියණිය නිදොස්කොට නිදහස් කරන්නැයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා අද නියෝග කළා.

 

මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ දියණිය ඊට සම්බන්ධ නොමැති බවට කළ පරීක්ෂණවලින් අනාවරණය වි ඇති බව පොලිසිය දැනුම් දිමෙන් පසුවයි.

 

මෙම ඝාතනය සම්බන්ධයෙන් පෙදරේරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු ලබන 01 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

 

සැකකරු මරණකාරියගේ නිවසේ අලුත්වැඩියා සදහා ආගිය මරණකාරියගේ හිතවතකු බවත් මරණකාරියගේ රන් භාණ්ඩ සොරාගැනිමක්‌ සම්බන්ධයෙන් සැකය ඔහු වෙත යොමූවිම නිසා මෙම ඝාතනය සිදුකර ඇති බව සදහන්.

 

සිද්ධිය වු දින ද දුරකථන ඇමතුම් නවයක් මරණකාරිය විසින් සැකකරුට ලබාගෙන ඇති නමුත් පිළිතුරු දි ඇත්තේ එක් ඇමතුමකට පමණක් බවත් තාක්ෂණික පර්වේශණීය සාක්කි මගින් අණාවරනය වු බව කහවත්ත පොලිසිය මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වා තිබෙනවා.

 

රන් භාණ්ඩ සොරාගැනිම ගැන සැකකරු මරණකාරිය හමුවේ පිළිගෙන එහි වටිනාකම මුදලින් ගෙවන බවට පොරොන්දු වි ඇතැයි ද පරික්ෂණ වලදි හෙළි වි තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media