lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කළුගල් අපනයනය ගැන සොයා බැලීමට කමිටුවක්

WhatsApp Image 2024 01 30 at 17.46.08 bbd9b18c

රට තුළ මේ විට ඉදිකිරීම හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය කළුගල් අවශ්‍යතාව සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතීම නිසා සීමාකාරී තත්ත්වයන්ට යටත්ව කළුගල් අපනයනය තුළින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපයීමේ වැඩපිළිවෙලක් කෙටිකාලීනව ක්‍රියාත්මක කිරීමේ යෝග්‍යතාව හඳුනාගෙන තිබෙනවා.

හම්බන්තොට මාගම්පුර වරාය ඉදි කිරීමේදී ඉවත් කරන ලද කළුගල් තොගයක් දැනට එම වරාය භූමියේ පරිපාලන ගොඩනැගිල්ල අසල හා හම්බන්තොට නව රෝහල් පරිශ්‍රයේ ගොඩ ගසා ඇති අතර එම කළුගල් තොග කඩිනමින් ඉවත් කළ යුතු බවට හඳුනාගෙන ඇති බව සඳහන්.

ඒ අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධීක්ෂණය යටතේ එම කළුගල් තොග කඩිනමින් අපනයනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අනුමැතිය ලබා දී තිබෙනවා.

එමෙන්ම කළුගල් මෙට්‍රික්ටොන් මිලියනයක් දක්වා අපනයනය කිරීමේ හැකියාව සහ යෝග්‍යතාව පිිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media