lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කාන්තා පොලිස් නිලධාරිනියන්ට සිදු වූ අසාධාරණයක් නිවැරදි කිරීමට උපදෙස්

408588633 703216178620851 8139286597241994391 n 800x450 1

උසස් වීම් ලබාදීමේදී කාන්තා පොලිස් නිලධාරිනියන්ට සිදුව ඇති අසාධාරණය වහා නිවැරදි කරන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නිර්දේශ කර තිබෙනවා.

 

එම කාරක සභාවේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රීනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ

 

බඳවා ගැනීම, පුහුණුව, රාජකාරියේ යෙදවීම හා විශ්‍රාම යාම එක සමාන වුවත් උසස් වීම් ලබා දීමේදී පමණක් කාන්තා නිලධාරිනියන්ට අසාධාරණයක් සිදුවෙන බවයි කාන්තා නිලධාරිනියන් එහිදී චෝදනා කළේ

 

ඒ සඳහා පිළියමක් ද මෙතෙක් සකස්කර නැති අතර මේ හේතුව නිසා ජේෂ්ඨත්වය අඩු පිරිමි නිලධාරීන්ට උසස්වීම් ලබා දීමේදී කාන්තා නිලධාරිනියන්ට එකම තනතුරේ දීර්ඝ කාලයක් රැඳී සිටීමට සිදුව ඇති බවද මෙහිදී සඳහන් කෙරුණා

 

මේ වන විට මුළු සේවා කාලය වසර 25ක් සම්පූර්ණ කර ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ වසර 04ක් සම්පූර්ණ කළ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් 92ක් රාජකාරියේ යෙදී සිටියත් ඔවුන්ගේ උසස් වීම් සම්බන්ධව නිශ්චිත ක්‍රමවේදයක් හෝ පුරප්පාඩු හඳුනා ගැනීමක් මෙතෙක් සිදුකර නැති බවද මෙහි දී අනාවරණය වුණා.

 

මෙහිදී කාරක සභාවේ සභාපතිනිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරියට නිර්දේශ කළේ දැනට පොලිස් සේවයේ භට පිරිස් මුලු ප්‍රමාණයෙන් 15%ක් නිලධාරිනියන් සේවයේ යෙදෙන බැවින් දැනට පවතින පුරප්පාඩු වලින් 15%ක් කාන්තා නිලධාරිනියන් වෙනුවෙන් වෙන් කොට මේ ගැටලුව විසඳන ලෙසයි

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media