lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කුකුළු මස් ආනයනය කිරීම පිළිබඳ සාකච්ඡාවක්

කුකුළු මස් ආනයනය කිරීම සම්බන්ධයෙන් කර්මාන්තකරුවන් සමඟ අවසන් සාකච්ඡාව ලබන සඳුදා පැවැත්වීමට නියමිතව තිබේ.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එම සාකච්ඡාවෙන් අනතුරුව කුකුළු මස් ඉන්දියාවෙන් ආනයනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව‍යි.

ඔහු පවසන්නේ, කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 850ක මුදලකට පාරිභෝගිකයා වෙත ලබාදීමට හැකි බවත් කෙසේ හෝ කර්මාන්තකරුවන් එම සහන ජනතාවට ලබානොදෙන බවත්ය.

මේ අතර, කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය සඳහා වැය වන මුදල් සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් කරන ලෙස සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවට මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ, කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයන් සමඟ පැවති සාකච්ඡාවක දී අද (02) සිට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,250ක මිලකට අලෙවි කිරීමට එකඟතාවකට පැමිණි බවයි.

සාකච්ඡාවේ දී පැමිණි එකඟතා සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා මෙලෙස අදහස් පළ කළේය.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media