lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කුඩා පරිමාණ වාරි ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 1000ක්

මූනමලේ වැව මංගල දියවර

රටේ කුඩා පරිමාණ වැව්, අමුණු හා ඇළවේලී ප්‍රතිසංස්කරණය සඳහා 2024 වසර සඳහා ද රුපියල් මිලියන 1000ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වෙන් කර තිබෙනවා.

දැනට අප රටේ කුඩා පරිමාණ වාරිමාර්ග පද්ධති 17,000ක් ඇති අතර මේවා ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය වසරේ ආරම්භ වූ අතර 2023 වසර සඳහා ද රුපියල් මිලියන 1000ක් වෙන් කර තිබූ බව සඳහන්.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරුණු වැව් 100ක පමණ කටයුතු මේ වනවිට සාර්ථක ව අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන ලද වැව් රැසක් නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව වාරියපොල මූණමලේ වැව, නිකවැව, බළල්ල බොරවැව, කටුපීටිවැව, නියදගලවැව, අමුණකොළේ එල්ලංගා පද්ධතිය, ගල්කන්දේගම වැව, මතඹලෑව, බක්මීවැව හා කුඩාවැව ඇතුළු වැව් රැසක් නිරීක්ෂණය කළ බව සඳහන්.

මෙම වැව් සියල්ලම මේ වනවිට රජයේ මුදල් යොදා ගනිමින් ඉතාමත් හොඳින් පිළිසකර කර ඇති අතර ඒ යටතේ වසර ගණනාවක් තිස්සේ වගා නොකරන ලද කුඹුරු රැසක් මේ වනවිට සාර්ථක ලෙස වගා කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media

Section Title

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සුපිරි ජයක්

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සුපිරි ජයක් 2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ කසක්ස්තානය කණ්ඩායම ලකුණු 45ට 7ක් ලෙස පරාජයට පත්කරමිනි. එම...

අද කාලගුණය

අද කාලගුණය දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (05) දිනයේදී “වැඩි අවධානය” යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන්...

හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුමක්

හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුමක් ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...

ජපාන විදේශ කටයුතු ඇමති, ජනපති රනිල් හමුවෙයි

ජපාන විදේශ කටයුතු ඇමති, ජනපති රනිල් හමුවෙයි ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත...

LPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 21 වැනිදා

LPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 21 වැනිදා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (3) නිවේදනය කළා. ඒ අනුව LPL...

රටේ ව්‍යවසායක සංස්කෘතියක් ගොඩනැගීමට නම්, කර්මාන්ත සඳහා රජයේ උපරිම සහයෝගය ලබා දිය යුතුයි

රටේ ව්‍යවසායක සංස්කෘතියක් ගොඩනැගීමට නම්, කර්මාන්ත සඳහා රජයේ උපරිම සහයෝගය ලබා දිය යුතුයි රට ගොඩනගන ව්‍යවසායක සංස්කෘතියක් ඇති කිරීමේ භික්‍ෂු කතිකාවේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක ගරු පූජ්‍ය...

ඩුබායි කපිලගේ කෝටි 15ක මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි

ඩුබායි කපිලගේ කෝටි 15ක මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි කපිල නැමැති පුද්ගලයාට අයත් මත්ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව...

අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ...