lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කුඩු සළිඳුගෙන් කෝටි 13ක් ඉල්ලූ නිලධාරියා ගැන විමර්ශනයක්

1690474388 salindu L

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු සළිඳුගෙන් රුපියල් කෝටි 13ක මුදලක් ඉල්ලූ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

ඔහු නිරීක්ෂණය කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී තමන්ට රහස් ප්‍රකාශයක් ලබාදීමට ඇති බව ‘කුඩු සළිඳු’ දන්වා තිබුණි.

ඒ අනුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ, විමර්ශන අවශ්‍ය පරිදි තුලනය කිරීමට සහ වෙනත් අංශවලින් සැකකරු ඉල්ලා සිටීමේදී භාරනොදී සිටීමට යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තමා රඳවා සිටින අංශයේ පොලිස් නිලධාරියා පසුගිය මැයි 31 වනදා රුපියල් කෝටි 13ක් ඉල්ලා සිටි බවි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ අදාළ පොලිස් කොස්තාපල්වරයා කුඩු සළිඳුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම හේතුවෙන් ඇතිවූ පීඩනය මත ඔහු මෙම චෝදනාව සිදුකර ඇති බවයි.

එමෙන්ම මෙමගින් කුඩු සළිඳුගේ රැඳවුම් නියෝගය අහෝසිකර රක්ෂිත බන්ධනාගාරගතවීම ඔහුගේ අවශ්‍යතාවවී ඇතැයි සැකකරන බවද එම ආරංචිමාර්ග පවසයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media