lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු 5කට බරපතළ වැඩ සහිත වසර 3ක සිර දඬුවමක්

Buwaneka 2023.12.08

ඓතිහාසික බුවනෙකබාහු රජු සමයේ ඉදි කළ බව කියන කුරුණෑගල රාජ සභා මණ්ඩපය විනාශ කිරීමේ සිද්ධියට කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු පස් දෙනෙකු වරදකරුවන් කර තිබෙනවා.

ඒ ඔවුන් ට එල්ල වූ සියලු චෝදනාවලට වරද පිළිගැනීමත් සමගයි.

කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

චෝදනා 05 කට අදාළව ඔවුන් වරද පිළිගෙන ඇති අතර මිලියන 13.75ක මුදලක් මුදලක් අලාභය ඔවුන්ගෙන් අය කර ගැනීමටයි අධිකරණය පියවර ගෙන ඇත්තේ.

ඊට අමතරව, පළමු චෝදනාවට චූදිතයන් 05 දෙනාටම බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමක් සහ රුපියල් 25,000ක දඩයක් ද නියම කර ඇති අතර 02 චෝදනාවට වැඩ පාලකට සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුට බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමක් සහ රුපියල් 50.000ක දඩයක් නියම කර තිබෙනවා.

එසේම 03වන චෝදනාවට, හිටපු නගරාධිපති, නාගරික කොමසාරිස් සහ නාගරික ඉංජිනේරුවරයාට බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමක් සහ රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවීමටයි නියම කර ඇත්තේ.

04වන චෝදනාව සම්බන්ධයෙන් වැඩ පාලකට සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුට බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමක් සහ රුපියල් 50.000ක දඩයක් නියම කර තිබෙනවා.

05වන චෝදනාවට, හිටපු නගරාධිපති, නාගරික කොමසාරිස් සහ නාගරික ඉංජිනේරුවරයාට බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමක් සහ රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවීමටයි නියම කර ඇත්තේ.

එහිදී චුදිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අදාළ සිර දඬුවම් එකවර ගෙවී යන ආකාරයට ලබා දෙන ලෙසටයි.

කෙසේ වෙතත් මහාධිකරණ විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එහිදී විනිසුරුවරයා තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ, නගරය ආරක්ෂා කළ යුතු අය එය විනාශ කරන්නේ නම් බරපතල වරදක් බවති, එය රාජ්‍ය නිලධාරීන් සහ පාලකයන් සිය වගකීම් පහර හැරීමක් සහ බලය අයුතු ලෙස භාවිතා කිරීමක් බවයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media