lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කුලියාපිටියේ අමානුෂික ඝාතනයක්

B6EB5268 5286 4EFA A024 A65D96342AD8

ඉන්ධන පිරවුම්හලක බෙදාහැරීමේ ස්වේච්ඡා කමිටුවක සේවය කළ තරුණයෙකු අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුලියාපිටිය දණ්ඩගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ මනෝජ් කුමාර නමැති තරුණයෙක්‌.
 
ඔහු මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුලියාපිටිය නැවකඩ විහාරයේ පැවති ධර්ම සාකච්ඡාමය වැඩසටහනකට එක්වී නැවත පැමිණෙමින් සිටියදීයි.
 
එසේ පැමිණෙමින් සිටින අතරතුර මියගොස් ඇති තරුණයා කුලියාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිට ආපන ශාලාවකින් තේ පානය කරමින් සිටියදී යතුරුපැදිවලින් පැමිණි පිරිසක් මෙලෙස අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබෙනවා.
 
අමානුෂික ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා ඇති තරුණයා කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.
 
කුලියාපිටිය අතිරේක මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන මහතා විසින් සිද්ධිය වූ ස්ථානයේ සහ රෝහලේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරනු ලැබුවා.
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media