15.8 C
New York
Wednesday, May 15, 2024

Buy now

spot_img

කුලියාපිටිය තරුණයාගේ මරණයට පෙම්වතිය අත්අඩංගුවට

කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඝාතනයට ආධාර අනුබල දීම සහ අපරාධය වසන් කිරීමේ චෝදනා මත ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකාරිය 18 හැවිරිදි වියේ පසුවන ඉලුක්හින්න, වස්සාවුල්ල, ඉලුක්හින්න ප්‍රදේශයේ පදිංචිකාරිණියක බව සඳහන්.

පසුගිය 22 වනදා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා සිය පෙම්වතිය බැලීම සඳහා කුලියාපිටිය වස්සාවුල්ල ප්‍රදේශයට ගොස් සිටියදී අතුරුදන් වී තිබුණා.

අනතුරුව දින කිහිපයකට පසුව ඔහුගේ මළ සිරුර හලාවත මාදම්පේ ප්‍රදේශයේ තිබී සොයා ගැනුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,469FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles