lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කුවේට් හිදී එල්ලා මැරූ ශ්‍රී ලාංකිකයාගේ අන්තිම කැමැත්ත

image a1e557db68

චෝදනා කිහිපයකට වරදකරුවන් වූ 05 දෙනෙකුට කුවේට් රාජ්‍යය ඊයේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ අතර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙකු ද ඒ අතර වෙයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, 43 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස එල්ලා මරාදමා ඇති බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා,

“මොහු සන්තකයේ තිබිලා තියෙනවා අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ එකහමාරක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ භාගයක්. සන්තකයේ තබාගැනීමේ වරදට තමයි මොහුව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. අනතුරුව ඔහුව එල්ලා මරණයට පත්කරනවා. ඔහුගේ අවසාන ඉල්ලීමක් තිබුණා මෘත දේහය මෙරටට ගෙන්වලා ඔහුගේ මවට ලබා දෙන්න කියන එක. ඒ අවශ්‍ය කටයුතු අපි කඩිනමින් කරනවා.”

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media