lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කොරියන් භාෂා විභාගයක අයදුම්පත් නිකුත් වෙයි

2023 වර්ෂයට අදාළ ව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම්පත් නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ වනවා.

ඒ අනුව 10.04 දින සිට 10.06 දින දක්වා Online ක්‍රමය ඔස්සේ එය සිදුකිරීමට හැකි බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

කොරියානු මානව සම්පත් අංශය විසින් පවත්වන මෙම විභාගය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk හි පළකර ඇති අතර, මෙම වසරේ නොවැම්බර් මාසයේදී පරිගණක ආශ්‍රිතව මෙම විභාගය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

නිෂ්පාදන, ඉදිකිරීම් හා ධීවර යන ක්ෂේත්‍රවලට අදාලව මෙම විශේෂ කොරියානු භාෂා පරීක්ෂණය පැවැත්වෙන අතර, දකුණු කොරියාවේ වසර 4 මාස 10 ක කාලයක් සේවය කර නියමිත ගිවිසුම් කාලය අවසන්වීමෙන් පසු මෙරටට පැමිණ යළි දකුණු කොරියාවේ සේවය සඳහා යාමට කැමැත්තක් දක්වන වයස අවුරුදු 18-39 අතර ශ්‍රි ලාංකිකයින්ට මෙම විභාගයට අයදුම් කළ හැකියි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media