lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කොවිඩ්-19 සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට කමිටු දෙකක්

covid

රට තුළ කොවිඩ්-19 සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා

එමෙන්ම අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව මෙම කමිටු දෙක පත් කර ඇති බව සඳහන්.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය කමිටුව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු සාමාජිකයන් 08 දෙනෙකුගෙන් සමන්විත වනවා.

ඒ අනුව මෙම කමිටුවට පැවරෙන්නේ රට තුළ කොවිඩ් 19 සහ ඩෙංගු රෝගය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමයි

ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ඇති සාමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පත් කර තිබෙනවා.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් එම විද්වත් කමිටුවට සෙසු සාමාජිකයන් දස දෙනෙකු ඇතුළත්.

මීට අමතරව මෙම විද්වත් කමිටුවට සහාය වීම සඳහා පළාත් මට්ටමින් අනුකමිටු 09ක් පත් කර ඇති බව සඳහන්

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media