lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කෝප් සභාපති ඉල්ලා අස්වෙන්න සූදානම්

1665039491 SLPP MP Prof Ranjith Bandara L

පාර්ලිමේන්තුවේ නිලධාරිනියකට ලිංගික අතවරයක් කර ඇති බවට හේෂා විතානගේ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තුව මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා.

ඒ අනුව අදාළ චෝදනාව වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙසටයි ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.

පාර්ලිමේන්තුව මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා වැඩි දුරටත් සඳහන් කළේ යම් ආකාරයකින් ඊට අදාළ ව වරදකරු වුවහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

එසේම වරදකරු නොවුන හොත් අසත්‍ය චෝදනා සිදු කිරීම යටතේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා ට දඬුවම් විඳීමට සිදුවන බව ද ඔහු අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media