lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

ඛණිජ තෙල් සමාගම් ඇගයීමට කමිටුවක් / විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට 08 පුද්ගල කමිටුවක්.

fuel

ඛණිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, බෙදාහැරීම සහ අලෙවිය සඳහා සුදුසු සමාගම් ඇගයීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඊයේ අදාළ කමිටුව පත් කළ බවයි.

ඒ අනුව ඉදිරියේ දී සිපෙට්කෝ සහ ලංකා අයි ඕ සී සමග ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් කර්මාන්තයේ නියැලීමට සමාගම් කිහිපයකට අවස්ථාව හිමිවන බවද එහි දැක්වෙනවා.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා 08 පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

මාසයක කාලයක් තුළ ඔවුන් අදාළ නිර්දේශ ඉදිරිපත් කල යුතු බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියාසිටියේ.

මහා භාණ්ඩාගාරයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය ආර් එච් එස් සමරතුංග – විදුලිබල අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන එම් එම් සී ෆර්ඩිනැන්ඩු – විදුලි බල මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු වන ආචාර්ය සුසන්ත පෙරේරා ඇතුලු පිරිසක් ඊට අයත්

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here