lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ග්‍රීසි මුහුදේ යාත්‍රාවක් පෙරලීමෙන් සංක්‍රමණිකයන් 79ක් මරුට

Screenshot 2023 06 15 073348
  1. දකුණු ග්‍රීසියේ වෙරළට ඔබ්බෙන් ධීවර යාත්‍රාවක් පෙරලී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 79 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මෙහිදී බේරාගෙන ඇති බව ද සඳහන්.

 

මේ අතර දිවි ගලවා ගත් අය සහ ග්‍රීක නිලධාරීන් පවසන්නේ තවත් සංක්‍රමණිකයන් සිය ගණනක් යානයේ සිටි බවයි.

 

මෙය ග්‍රීසියේ විශාලතම සංක්‍රමණික ඛේදවාචකයක් බව රජය පවසන අතර දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

 

යානයේ සිටි කිසිවෙක් ජීවිතාරක්‍ෂක කබා පැළඳ නොසිටි බවද සඳහන්.

 

යාත්‍රාව ලිබියාවේ සිට ඉතාලිය දක්වා ගමන් කරන්නට ඇතැයි විශ්වාස කරන අතර, එහි සිටි බොහෝ දෙනා තරුණ වියේ පසුවන පිරිමි පුද්ගලයන් බව ද වාර්තා වී තිබෙනවා.

 

මියගිය අයගේ ජාතිකත්වයන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

 

ජාවාරම්කරුවන් බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු ග්‍රීසියේ Kalamata මධ්‍යම වරාය අධිකාරිය වෙත රැගෙන ගොස් ප්‍රශ්න කරමින් සිටින බව ද සඳහන්.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media