lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘතියෙන් ජපන් සමාගම ඉවත් වෙයි.

ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘතියෙන් ජපන් සමාගම ඉවත් වෙයි

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පුළුල් කිරීමේ කටයුතු නැවැත්වීමට ජපානයේ ටයිසෙයි ඉංජිනේරු සමාගම සාකච්ඡා ආරම්භ කරඇතිබව ජපානයේ භසනනැස ව්‍යාපාරික වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (ජයිකා ආයතනය) ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීම අත්හිටුවීමෙන් පසවයි ටයිසෙයි ඉංජිනේරු සමාගම මෙම පියවර ගෙන ඇත්තේ.

කටුනායක ගුවන් තොටුපළේ නව බහු පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා ජපාන යෙන් බිලියන 62ක කොන්ත්‍රාත්තුවක් වර්ෂ 2020 දී ටයිසෙයි ඉංජිනේරු සමාගම විසින් ලබා ගත්තා.

මෙම නව පර්යන්තය සහ ඒ ආශ්‍රිත ඉදිකිරීම් ලබන වසර වන විට අවසන් කිරීමයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නිල වශයෙන් සිය ජාත්‍යන්තර ණය ගෙවීම් අත්හිටවන බවට ප්‍රකාශ කිරීමත් සමග ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය මෙරට ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම වෙත ලබා දිය යුතුව තිබූ යෙන් බිලියන 70 කට වඩා වටිණා ණය දීමක් අත්හිටුවනු ලැබුව.ව්‍යාපෘතිය අත්හිටුවීම සඳහා ටයිසෙයි ඉංජිනේරු සමාගම මෙරට ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම සමග සාකච්චා ආරම්භ කිරීමට සැලසුම් ළේ ඒ අනුවයි.

කෙසේ වෙතත් ජයිකා ආයතනයේ අරමුදල් සැපයෙන මෙරට ප්‍රධාන පලේ ව්‍යාපෘති 12ක් නතර කෙරෙන බවයි පසුගියදා රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ටෙයිකොකු ඩේටා බෑංක් පර්යේෂණ සමාගමට අනුව 2022 ජූලි මාසය වනවිට ජපන් සමාගම් 180ක් පමණ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුනා.

ටෙයිකොකු සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ ”පවතින දේශපාලන අස්ථවරත්වය හේතුවෙන් ව්‍යාපාරික පරිසරයේ දිග්ගැස්සුනුඅවිනිශ්චිතතාවයන් සමාගම්වල උපාය මාර්ගවලට බලපෑ හැකි” බවයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media