lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

Tax in sri lanka

ජනතාව මත බර පැටවෙන නව බදු ක්‍රමයක්

ආර්ථිකය කඩාවැටීමට හවුල් වූ අයට කිසිම ආර්ථික බලපෑමක් ඇතිවී නැතැයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා අද  පාර්ලිමේන්තුවේදී පැවසුවා.
 
නමුත් ආර්ථික අර්බුදයේ බර  ජනතාව මත පටවමින් තිබෙන බවද ඔහු සදහන් කළා.
 
 සමාජ ආරක්ෂණ බද්ධ යනුවෙන් අලුත් පනතක් හඳුන්වා දී තිබෙන අතර මුලු ආර්ථික ක්ෂෙත්‍රයටම මේ බද්ද අදාළ වෙන බවයි අනුර දිසානායක මහතා වැඩිදුරටත්  කියා සිටියේ.
 
දැනට ඇති බර ජනතාවට දරාගන්නට නොහැකි යැයිද මේ අලුත් බද්ද නිසා ජනතාව මත නැවත නැවතත් බර පැටවෙන බවද අර්බුදය නිර්මාණය කළ අය ගැන කිසිම තීන්දුවක් ගන්නේ නැතිව සාමාන්‍ය ජනතාව මත බදු බර පටවමින් ආතතියක් ඇති කරමින් සිටින බවත් ආනයන, සේවා ,නිෂ්පාදන හා මිලට ගෙන විකිණීම යන ක්ෂෙත්‍ර සියල්ලටම මේ අලුත් බද්ද බලපාන හෙයින් මේ බදු පනත ට විරෝධතාව පලකරන බවද අනුර දිසානායක මහතා සඳහන් කළා.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media