lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ජනපති ප්‍රධානත්වයෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ නව ක්‍රමවේදය ඇරඹේ

Vietnam visa for citizens of Sri Lanka 2

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මුල්කරගනිමින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ පහසුකම ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද (15) සිට ආරම්භ වුණා.

දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම ක්‍රමවේදය මුල්වරට ක්‍රියාත්මක කෙරුණේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදියි.

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා එම අවස්ථාවට සම්බන්ධ වෙමින් ප්‍රකාශ කළේ විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට මීට පෙර බොහෝ පිරිසකට පෝලිම්වල සිටීමට සහ ගැටලුවලට මුහුණපෑමට සිදු වූ බවයි.

අද දින සිට ක්‍රියාත්මක නව ක්‍රමවේදය මගින් එය අවම කරගැනීමට හැකිවන අතර විදෙස් ගමන් බලපත්‍රය සඳහා පුද්ගලයින්ගේ ජීව මිතික දත්ත ලබා ගැනීමට මධ්‍යස්ථාන 51ක් ස්ථාපිත කර ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media