lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ජනපති, මෝදි හමුවේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය ආර්ථික සබඳතා කෙරෙහි අවධානය

Capture 186

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය යටතේ ආර්ථික, යටිතල පහසුකම් සහ තාක්‍ෂණික ක්ෂේත්‍රයේ අත් කරගෙන ඇති ප්‍රගතිය එරට නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ඇගයීමට ලක්ව තිබෙනවා .

ඉන්දියාවේ සංවර්ධනය අසල්වැසි රටවලට සහ ඉන්දියානු සාගර කලාපයට ධනාත්මක බලපෑමක් ඇති කරන බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ

ලංකාව ස්ථීර ලෙස ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ඒ හරහා දැනටමත් රට ස්ථාවර වීමේ සාධනීය ප්‍රතිඵල පෙන්නුම් කරමින් සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවලින් පසුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා

එමෙන්ම ගෙන ඇති ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය රටතුළ මෙන්ම බාහිර පාර්ශවයන්ගේ ද විශ්වාසය යළි ඇති කිරීමට හේතු වී තිබෙන බවද සඳහන් කරනු ලැබුවා

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය ආර්ථික සබඳතා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා දෙරට අතර සබඳතා වැඩි දියුණු කරන අනාගත ඉන්දු – ලංකා ආර්ථික හවුල්කාරිත්වයක වැදගත්කමද මෙහිදී අවධාරණය කරනු ලැබුවා .

එය දෙරට අතර පවතින ඓතිහාසික, සංස්කෘතික බැඳීම ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වීමට හේතු වනු ඇති බවටයි පවසා සිටියේ

ආර්ථික හවුල්කාරිත්වය පිළිබඳ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා නූතන සම්බන්ධතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා මෑතකදී චෙන්නායි සහ යාපනය ගුවන් සේවා නැවත ආරම්භ කිරීම දෙරට අතර ගුවන් සම්බන්ධතාවයේ වැදගත් පියවරක් බවද පවසා සිටියා

දෙරට අතර ගුවන් සේවා සහ යාත්‍රා සේවා වැඩිදියුණු කිරීමට එකඟත්වයක් ඇති බවත් එය සංචාරක හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට මෙන්ම ආර්ථික වර්ධනයටද ඉවහල් වන බවත් ජනාධිපතිවරයා එහිදී පවසා සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media