lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ජනසභා ක්‍රමය සාර්ථක කරගැනීමට ආර්ථික සංවර්ධන නිළධාරීන් සහ සංවර්ධන නිළධාරීන්ගේ පූර්ණ සහය

thumbnail WhatsApp Image 2023 07 06 at 2.41.29 PM 1

ජාතික ජනසභා ලේකම් කාර්‍යාලය මඟින් විධිමත් ක්‍රියාවලියකින් යෝජනා කර ඇති ජනසභා ක්‍රමය සාර්ථක කර ගැනීම සඳහා තමන්ගේ උපරිම සහයෝගය ලබා දෙන බව සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ලංකා සංවර්ධන නිලධාරින්ගේ සංගමය පවසනවා.

එම සංගම් විසින් මෙම අදහස් පළකරේ ඊයේ (06) ජාතික ජනසභා ලේකම් කාර්‍යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමින්.

එහිදී එම සංගම් විසින් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ දේශපාලන අධිකාරියේ සහයකින් තොරව ගොඩ යෑමට නොහැකියි යන මිථ්‍යවකින් ලංකාවේ බහුතරයක් ජනතාව පෙළෙන බවයි.

එසේම ජනසභා ලේකම්වරයා තෝරාගැනීමේ දී නිසි ක්‍රමවේදයක් තුළින් රාජ්‍ය සේවයෙන් අන්තර්ග්‍රහනය කර ගැනීමේ වැදගත් කමද එම සංගම් වැඩිදුරටත් අවධාරණය කළා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media