lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ජනාධිපති මන්දිරයෙන් හමුවූ මුදල් සම්බන්ධයෙන් විමර්ශන‍ ඇරඹෙයි

al

ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස්  දහසක මුදල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අල්ලස් කොමිසම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ අධිකරණ  නියෝගයට අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු ජනාධිපති ගෝඨාභයට රාජපක්ෂ මහතාගෙන් මේ පිළිබද ප්‍රකාශයක් ගැනීමට උත්සාහ කළ ද එය නොහැකි වූ  බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාමරයේ තිබී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් හමුවීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කර තිබුණා.

ඒ අනුව පෙනී සිටි එහි නීති නිලධාරිනියගෙන් මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ මාස 2 ක් ඉක්මගොස් ඇති බැවින් විමර්ශනවල ප්‍රගතිය කෙසේද යන්නයි. එහිදී නීති නිලධාරිනිය කියා සිටියේ විමර්ශන මුල් අවස්ථාවේ පවතින බවයි.

අදාළ විමර්ශන සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සතු වාර්තාවල පිටපත් අල්ලස් කොමිසමට ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝග කළා.

විමර්ශනවල ප්‍රගතියක් නැත්තේ ප්‍රශ්න ගත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා යටතේ බලපෑම් සිදු වන නිසා බව  අගතියට  පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවා.

විමර්ශන සිදු කළ පොලිස් නිලධාරියාට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දුරකතන වාර්තා කැදවා ඇති බව අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ සහායක කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව සිද්ධියට අදාළ විමර්ශන වාර්තා මීලග නඩු දින ඉදිරිපත් කරන ලෙස එම අධිකාරියට නියෝග කළා.

අධිකරණ නියෝග අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී නොසිටින  සැකකරුවන්ට එරෙහිව අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

නීතීඥ හරිගුප්තා රෝහණධීර මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියා.

ජනාධිපති මන්දියට අයුතු ඇතුළුවීමක් සිදු කළ සිද්ධියට අදාළ සැකකරුවන් 73 දෙනෙකු නම් කර තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media