lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ජපානයෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් බඩඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 200ක ආධාරයක්

20220913095410 H9A7155
ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව ශ්‍රී ලංකාවේ බඩඉරිඟු වගාව ඉහළ දැමීමේ අරමුණෙන් ඩොලර් මිලියන 1.8ක් වටිනා හයිබ්‍රිඩ් බඩඉරිඟු බීජ මෙට්‍රික් ටොන්  200ක් ආධාර ලෙස ලබාදීමට  එකඟත්වය පළ කර තිබෙනවා.
 
මෙම එකඟත්ව පළ කර ඇත්තේ අද පෙරවරුවේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී කෘෂිකර්ම,වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවකදීයි.
 
මෙමගින්මෙ මෙවර මහ කන්නයේදී හෙක්ටයාර 15,000ක බඩඉරිඟු වගා කිරීමට නියමිතයි.
 
මෙම අවස්ථාවට JICA ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත Mr. Yamada Tetsuya සහ UNDP හි  ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානී Ms.Malin Herwig සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ආචාර්ය ගාමිණී සමරසිංහ සහ පී. මාලතී, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා යන  මහත්ම මහත්මීහු එක්ව සිටියා.
 
JICA ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත Mr. Yamada Tetsuya අදහස් පළ කරමින්, ශ්‍රී ලංකාවේ පශු සම්පත් හා සත්ව නිෂ්පාදන දාමය බඩඉරිඟු හිඟය නිසා බිඳී ගොස් ඇතැයි අවධාරණය කළා.
 
ඔහු වැඩිදුරටත්එ කියා සිටියේ එම නිසා JICA සහ UNDP එක්ව ශ්‍රී ලංකාවේ ජනතාවගේ පෝෂණ තත්ත්වයන් ඉහළ නැංවීමට මෙම බීජ බඩඉරිඟු ලබාදෙන බවයි 
 
විශේෂයෙන් සත්ව ආහාර හා ත්‍රිපෝෂ සැකසීමට අවශ්‍ය බඩඉරිඟු තොග නොතිබීම හේතුවෙන් මෙ වනවිට සත්ව නිෂ්පාදන දියර කිරි, බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය පහත වැටී තිබෙනවා.
 
එමෙන්ම ඒවායේ මිල ගණන් ඉහළ යමින් පවතින අතර රසායනික පොහොර භාවිතය තහනම් කිරීම නිසා පසුගිය මාස් කන්නයේ බඩඉරිඟු නිෂ්පාදනය මෙ.ටො. 90,000ක් දක්වා පහත වැටුණා.
 
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණ තත්ත්වයකඩා වැටීමේ අවධානමක්ද පවතිනවා.
 
මෙහිදී අදහස් පළ කළ UNDPකාර්යාල මණ්ඩල ප්‍රධානී Ms.Malin Herwig කියා සිටියේ මෙම තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවට වඩා කාර්යක්ෂම හා විනිවිද භාවයෙන් යුක්තව මෙම අධාර ලබාදීමට පියවර ගන්නා බවයි.
 
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ බඩඉරිඟු වගාකරන ගොවීන්ට නියමිත කාලය තුළම මෙම බඩඉරිඟු බීජ ලබාදීමට පියවර ගන්නා බව ඇය සඳහන් කළාය.
 
 
 
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media