lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ජලාශවල ජල මට්ටම් තවදුරටත් ඉහළට – විමසිල්ලෙන් පසුවන්නැයි උපදෙස්

flood

නිල්වලා, ගිං සහ කළු ගගේ කුඩා ගග අතු ගංගාව සම්බන්ධයෙන් නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් එම ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව නිල්වලා ගගෙහි ජල මට්ටම ඉහළ යාම සැලකිල්ලට ගනිමින් අකුරැස්ස, කඹුරුපිටිය, මාතර, අතුරලිය, මාලිම්බඩ සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත බිම් ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.

ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගිං ගගෙහි උඩුගම සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත්, කළු ගගෙහි බුලත්සිංහල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත් පහත බිම් ප්‍රදේශවල ජනතාව සැලකිලිමත් විය යුතු බවයි එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.

කෙසේවෙතත් කැලණි ගගේ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media